MILITARY AIRCRAFT : සිකෝර්ස්කි S 97 RAIDER - අමෙරිකන් යුධ හමුදාවට හදන අලුත්ම අධිවේගී හෙලිකොප්ටරය



S97 RAIDER ඇමරිකාවේ ලොක්-හීඩ් මාර්ටින් ගගනවිද්‍යා සමාගමට අයත් සිකෝර්ස්කි හෙලිකොප්ටර් ඒකකය විසින් ඇමරිකන් යුධ හමුදාව සඳහා නිර්මාණය කරන සැහැල්ලු, අධිවේගී හෙලිකොප්ටරයක්.

සාමාන්‍ය යුධ හෙලිකොප්ටර් යානා ගමන්කරන වේගයට වඩා දෙගුණයක් වේගයෙන්, එනම් පැයට කිලෝමීටර් 400කට අධික වේගයෙන් පියාසර කල හැකි S 97 හෙලිකොප්ටරයට නියමුවන් දෙදෙනාට අමතරව සන්නද්ධ භටයින් 6 දෙනෙකු හා ප්‍රහාරක අවිද රැගෙන කිලෝමීටර් 600ක දුරක් යා හැකියි.

ප්‍රතිවිරුද්ධ අතර භමණය වන භ්‍රමකයන් දෙකක් (co-axial rotors) ආධාරයෙන් ගුවන්ගත වන මෙම යානයේ පිටුපස pusher වර්ගයේ අවර පෙත්තකින් ඉදිරියට යාම සඳහා අමතර ජවය ලබාදේ. කිලෝමීටර් 3ක් ඉහල අහසේ පියාසර කරමින් වේගයෙන් ඉලක්කය වෙත ලඟාවිය හැකි S 97 හෙලිකොප්ටරයට කාන්තාර වැනි අධික උෂ්ණත්වය ඇති ප්‍රදේශවලද පහසුවෙන් ක්‍රියාතමක විය හැකි ආකාරයට නිර්මාණය කොට ඇත.

මෙම යානයට ත්‍රස්තවාදීන් සතුව ඇති ජංගම අධෝරක්ත මිසයිල (shoulder fired heat seeking missiles) වලින් ගැලවීම සඳහා එන්ජිමේ උෂ්ණත්වය හා එන්ජින් පිටකුටු වායු (engine exhaust) උෂ්ණත්වය අඩු කිරීමේ thermal management / heat signature management තාක්ෂණයන් ගෙන් යුක්තය.

අමෙරිකානු විශේෂ බළකා මෙහෙයුම් සඳහා විශේෂයෙන්ම නිමවා ඇති S 96 හෙලිකොප්ටරයේ ශබ්දයද, සාම්ප්‍රදායික හෙලිකොප්ටර්වල ශබ්දයට වඩා ඉතා අඩු බව පැවසෙනවා (low acoustic signature). ගුවනේදී ටෑංකර් යානා වලින් ඉන්ධන පුරවාගත හැකි S 96 යානයට ගොඩබිම් හමුදා සඳහා සහයක ගුවන් ප්‍රහාර (close air support) ලබාදිය හැකි ලෙස නිර්මාණය කොට ඇත.

ප්‍රහාරක අවි ලෙස Hellfire මිසයිල, 2.75" රොකට්ටු හා කැලිබර් 50 මැෂින් තුවක්කුද ගෙනයා හැකිය.










__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments