HYBRID CAR TECHNOLOGY : 2017 ටොයෝටා ප්‍රියස් ප්‍රයිම් (ප්ල්ග්-ඉන් හයිබ්‍රිඩ්)


2017 Prius Prime අතිශය ජනප්‍රිය ටොයෝටා ප්‍රියස් පවුලේ අලුත්ම සාමාජිකයාය. ප්ලග්-ඉන් හයිබ්‍රිඩ් හෙවත් විදුලි පේනුවකින් බැටරිය චාර්ජ් කරගත හැකි පහසුකමද සහිත හයිබ්‍රිඩ් රියකි 2017 ප්‍රියස් ප්‍රයිම් කාරය. විශාල බැටරියක් හා වෙනත් අධිතාක්ෂණ අංගෝපාංගයන්ගෙන් සමන්විත 2017 ප්‍රියස් ප්‍රයිම් කාරය බැටරි බලයෙන් වැඩි දුරක් යාම සඳහා නිපදවා ඇත. 

ප්‍රමාණයෙන් වෙනත් ප්‍රියස් රියක් හා සමාන වුවද ප්‍රියස් ප්‍රයිම් රථයේ එක් අවාසියක් වන්නේ පසුපස අසුනේ ගමන්කල හැකි මගීන් සංඛ්‍යාව 4ක් පමණක් වීමයි. බැටරිය වඩා විශාල කිරීම නිසා අමතර මගියෙකුට පිටපසු අසුනේ ඉඩ නොමැතිවූ බව ටොයෝටා සමාගම පවසනවා. 

සම්පූර්ණ බැටරි බලයෙන් කිලෝමීටර් 35ක් ගමන්කල හැකි ප්‍රියස් ප්‍රයිම් රථය බැටරි බැසයනවාත් සමගම පෙට්‍රෝල් එන්ජිම පණගන්වා බැටරිය නැවත ආරෝපණය කරගන්නා අතරම වාහනයද ධාවනයටද බලය ලබාදෙනවා. පැයට කිලෝමීටර් 135ක උපරිම වේගයක් ඇති ප්‍රියස් ප්‍රයිම් රථයේ බැටරිය සම්පූර්ණයෙන්ම ආරෝපණය වීමට පැය දෙකක් පමණ ගතවනවා. මෙම රථයේ පිරුණු ඉන්ධන ටැංකියකින් කිලෝමීටර් 600ක් ධාවනය කල හැකි බව ටොයෝටා සමාගම පවසනවා.


LED headlights and taillights, heated front seats, automatic climate control වැනි නවීන පහසුකම් වලින් යුතු 2017 ප්‍රියස් ප්‍රයිම් රථයේ විශේෂ ආර්ක්ෂක උපක්‍රමද සවිකොට ඇත්තේ මගීන්ගේ ආරක්ෂාව සඳහායි. පදිකයින් හා වෙනත් වාහන වලට අණතුරුදායක ලෙස ලංවන විට ස්වයංක්‍රියව තිරිංග තදවී වාහනය නැවතීම (obstacle detection, warning and automatic breaking), අධිවේගී මාර්ගවලදී වේගසීමාවේ රථෙයි වේගය රඳවාගත හැකි කෲස් කොන්ට්‍රෝල් පහසුකම මෙන්ම රථය මහාමාර්ගයේ නියමිත ධාවන පථයෙන් පිටපැනීම වලක්වා ධාවන පථයේම රඳවා ගැනීමේ තාක්ෂණයන් (automatic lane assist technology) ගෙන්ද යුක්තවනවා.

කෙසේවෙතත් ප්‍රියස් ප්‍රයිම් රථයේ කිලෝමීටර් 35ක ඉලෙක්ට්‍රික් ධාවන පරාසය අසතුටුදායක බව විචාරකයින් පවසනවා. ජෙනරල් මෝටර්ස් සමාගමේ Chevrolet Bolt රථය දැනටමත් කිලෝමීටර් 85ක ඉලෙක්ට්‍රික් ධාවනයක් ලබාදෙන හයිබ්‍රිඩ් රථයක් වන බව විචාරකයින් පෙන්වා දෙනවා.


Source:
http://www.motortrend.com/cars/toyota/prius-prime/2017/



















__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments