සයිකල් පදිමු II - Colombo Cycle FUN RIDE 2015


Pedal Pushers Cycling Group විසින් සංවිධානය කරන Colombo Cycle Fun Ride 2015  විනෝද සයිකල් සවාරිය ජූලි 26වැනි ඉරිදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට අවසන් බව පෙඩල් පුෂර්ස් සංවිධානය පවසනවා. බයිසිකල් පැදීම හා එමගින් ශරීර සෞඛ්‍යයට ඇති වාසි පිලිබඳව දැනුවත් කිරීම සඳහා පිහිටුවාගත් රාජ්‍ය නොවන සංවිධානයක් වන පෙඩල් පුෂර්ස් සංවිධානය පිහිටුවනු ලැබුවේ සයිකල් පැදීම විනෝදාංශය කරගත් ලලන්ති රාජපක්ශ හා දර්ශිණී ආරියරත්න මහත්මීන් විසින් 2010 වසරේදීයි.

විනෝදය, ශරීර සුවතාවය හා මිතුදම් ඇතිකර ගැනීම යන තේමා යටතේ සංවිධානය වන කලම්බෝ ෆන් සයිකල් රයිඩ් ආරම්භවන්නේ කොළඹ තුරඟතරඟ (race course) පිටියෙනුයි. මෙම සයිකල් රැළිය සඳහා අන්තර්ජාලය හරහා හෝ 26වැනි දින උදෑසන 7.00ට තුරඟ-තරඟ පිටියේ රථගාල වෙත පැමිණීම මගින් ලියාපදිංචිවිය හැකියි.
Colombo Cycle Fun Ride 2014
සයිකල පැදීම විනෝදාංශයක් කරගත් සයිකල් ලෝලීන්ට වෙනත් සයිකල් ලෝලීන් හඳුනාගැනීමට මෙන්ම නවකයින්ට සයිකල් පැදීමේ විනෝදය හා ශරීර සුවතාවය අවබෝධකරදී ඔවුන්ව සයිකල පැදීම සඳහා යොමුකිරීම මෙම රැලියේ අරමුණු වෙනවා. කලම්බෝ සයිකල් ෆන් රයිඩ් රැලිය ආරම්භවුනේ 2012දී. සයිකල් පැදීමේ සෞඛ්‍ය වාසි මෙන්ම, පරිසර හිතකාමී ප්‍රවාහණ ක්‍රමයක් ලෙස ප්‍රවර්ධනය කිරීමද මින් බලාපොරොත්තුවුනා.

Colombo Cycle Fun Ride 2015 සඳහා අන්තර්ජාලයෙන් ලියාපදිංචිවීම මෙතනින්

වැඩි විස්තර : https://www.facebook.com/PedalPushersCyclists



Comments