අද සිට වෙලාවේ තත්පරයක වෙනසක්

පෘථිවි භ්‍රමණය මන්දගාමීවීමට සමගාමීව වේලාව වෙනස් කිරීමට නාසා ආයතනය ගත් තීරණයට අනුව, බ්‍රිතාන්‍යයේ National Physical Laboratory (NPL) හෙවත් ජාතික භෞතිකවිද්‍යා ආයතනය ලන්ඩනයේ සුප්‍රකට බිග් බෙන් ඔරලෝසුවේ වෙලාව තත්පරයකින් වැඩි කරමින්, නිළ වශයෙන් එම වෙනස්කම බ්‍රිතාන්‍යයේ සිදුකල බව ලන්ඩන් ටෙලිග්‍රාප් පුවත්පත වාර්තාකලා.

මෙලෙස වෙලාව තත්පරයකින් අඩු කිරීමට හේතුව පෘථිවියේ බ්‍රමණය ක්‍රමයෙන් අඩුවීමයි. ඒ අනුව, ඊයේ මධ්‍යම රාත්‍රී 11 යි විනාඩි 59 යි තත්ත්පර 59 ට ජූලි පළවනදා උදා වෙයි.

මේ අතර, බ්‍රිතාන්‍යයේ ජාතික භෞතික විද්‍යා ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකු පෙන්වා දෙන්නේ මෙම තත්ත්පරයක වෙනස ඇතැම් පරිගණක පද්ධතිවල ගැටලූ ඇතිකළ හැකි බවයි.

මීට පෙර මෙවැන්නක් සිදුකලේ 2012 වසරේදී වන අතර එම වසරේදී මොසිල්ලා ආයතනයේ (ෆයර්ෆොක්ස් නිර්මාතෲ), රෙඩිට්, ෆෝර්ස්ක්වෙයාර්, ලින්ක්ඩින්, ස්ටම්බල් අපෝන් වැනි වෙබ් අඩවිවල සර්වර්ජාල අක්‍රියවුනා.

මෙයට හේතුව වන්නේ මෙම වෙනස නිසිපරිදි අන්තර්ග්‍රහණය කරගැනීමට සමහර පරිගණක මෙහෙයුම් පද්ධතිවලට නොහැකිවීම නිසා ඒවායේ කාළගණනය හා එම වෙනස සිදුකල පරිගණක ජාලවල කාළගණනය නොගැලපීමයි.

මේ අනුව බැංකු, මූල්‍ය ආයතන, කොටස්වෙළඳපොලේ ස්වයංක්‍රීය ගණුදෙනු සිදුකරන ජාල යනාදියට බලපෑමක් ඇතිවෙතැයි විශේෂඥයින් බිය පලකරනවා.

කෙසේවෙතත් ලංකාවේ නිළ ආයතන කිසිවක් මෙවැනි වැදගත්දේ ගැන එතරම් තැකීමක් කරන්නේ නැහැනේ. දැන් අපේ රටට තියෙන වැදගත්ම ප්‍රශ්ණේ පැරදුනු මහින්ද මහත්තයා නැතුව දිනන්න පුලුවන්ද බැරිද කියලා වාදවිවාද කරගෙන කාලය කාදමන එකනේ.......

Comments