Best of European Hot Hatches - සුපිරි යුරෝපීය Hot Hatch හැච්බැක්


Hot Hatch යනු Hot Hatchback යන්න කෙටිකරගැනීමකි. හැච්බැක් වාහන අද ලංකාවේත් ඉතා ජනප්‍රිය කාර් මාදිලියකි. ප්‍රමාණයන් කුඩා, පිරිමැසුම්දායක, එහෙත් වැඩි බඩු ප්‍රමාණයක් ගෙනයා හැකි හැච්බැක් යුරෝපයේද ඉතා ජනප්‍රියය. ලංකාවේ වෙළඳපොලේ ඇති Suzuki Swift, Toyota Aqua, Toyota Vitz, Honda Fit GP5, Nissan Leaf වැනි වාහන මාදිලි හැච්බැක් ගණයට වැටේ.

Car Body Types : (C) http://blog.ikman.lk/guide-different-car-types/
යුරෝපීය වාහන වෙළඳපොලේ  SEAT Leon, Skoda Octavia, Mazda 3, Volkswagen Golf, Kia Cee’d, Ford Focus වැනි හැච්බැක් මාදිලි 2014-2015 වසරවල ජනප්‍රියම වාහන අතර විය.

වේගවත් ධාවනයක යෙදිය හැකි, ජවසම්පන්න එන්ජින්, ප්‍රභල බ්‍රේක් පද්ධති හා අධිවේගී අණතුරු වලදී මගීන් සඳහා ඉහල ආරක්ශාවක් ලබාදෙන ආරක්ශක උපක්‍රමවලින් සමන්විත, වේගවත් හැච්බැක් මෝටර් රථ හොට් හැච්බැක් ලෙස හඳුන්වන අතර හොට් හැච්බැක් හා හොට් හැච් යෙදුම් බ්‍රිතාන්‍යයේ මෝටර් රථ පිලිබඳව වාර්තාකරණයේ යෙදෙන ජනමාධ්‍ය කරුවන්ගේ නිර්මාණයකි.

හොට්-හැච් යෙදුම මුලින්ම භාවිතාකොට ඇත්තේ බ්‍රිතාන්‍යයේ ටයිම්ස් පුවපතෙහිය. ඒ 1985 වසරේදීය. එතැන්පටන් හොට් හැච් යෙදුම බ්‍රිතාන්‍ය, යුරෝපීය හා ඔස්ට්‍රේලියානු රථවාහන ලෝලීන් හා පුවත්-පත් හා සඟරා මගින් අධිවේගී හැච්බැක් රථ මාදිලිය හැඳින්වීම සඳහා භාවිතාකරයි.

Best Of European Hot Hatches

1] Renault Mégane RS 275

ප්‍රංශයේ රෙනෝල්ට් සමාගමේ මෙගනි RS හැච්බැක් රථය, යුරෝපීය සුපිරි හැච්බැක් රථ අතර නමක් දිනාගෙන ඇත. අශ්වබල 265ක් ජනිතකරන ලීටර් 2 රෙනෝ ස්පෝර්ට් ටර්බෝ එන්ජිමක් හා වේග 6, slip differential ගියර් පද්ධතියක් සමගින් එන මෙගනි හැච්බැක් රථයේ දොර තුනේ මාදිලියක් ලෙස වෙළඳපොලට ඉදිරිපත්කොට ඇත.
ඉදිරිපසට මෙන්ම පසුපස රෝද සඳහාද ඩිස්ක් බ්‍රේක් පද්ධති යොදාඇති මෙගනි රථයේ බ්‍රේක් පද්ධතිය ඉතාලියේ සුප්‍රකට බ්‍රෙම්බෝ සමාගමේ නිර්මාණයකි. බී.එම්.ඩබ්ලිව්, පෝර්ෂ්, ෆෙරාරී වැනි සුපිරි වාහන සඳහා බ්‍රේක් පද්ධති සපයන්නේද බ්‍රෙම්බෝ සමාගමයි. පැයට කිලෝමීටර් 255ක උපරිම වේගයක් ඇති මෙහි 0kmh - 100kmh දක්වා ත්වරණය කිරීමට ගතවන කාළය තත්පර 6ක් පමණි. Anti-lock Braking System (ABS), Emergency Brake Assist (EBA), Electronic Brake-force Distribution (EBD, Electronic Stability Control (ESC), Anti-Slip Regulation (ASR) වැනි නවීන ආරක්ශණ උපක්‍රමවලින් සමන්විත රෙනෝල්ට් මෙගනි, ඉතා වේගවත් මෙන්ම ආරක්ශකාරී රථයකි.

 

2] Ford Focus Titanium 2015  Hatchback

Turbocharged, direct-injection 2.0L EcoBoost එන්ජිමක් සහිත ෆෝඩ් ෆෝකස් හැච්බැක් මාදිලිය යුරෝපයේ තවත් ජනප්‍රිය හැච්බැක් රථයකි. 6-speed PowerShift™ automatic transmission  වර්ගයේ ගියර පද්ධතියක් මෙහි සාමාන්‍ය උපාංගයක් (standard equipment) ලෙස ලැබේ.


එමපමණක් නොව මෙහි එන්ජිම flex-fuel නම් තාක්ශණයෙන් නිමවා ඇති නිසා විවිධ පෙට්‍රෝල් මිශ්‍රණ අඩංගු ඉන්ධන දහනය කල හැකිය. උදාහරණයක් ලෙස හයි-ඔක්ටේන් පෙට්‍රෝල් වර්ග මෙන්ම සාමාන්‍ය පෙට්‍රෝල් පමණක් නොව අමෙරිකාව වැනි රටවල අලෙවියට ඇති පෙට්‍රෝල් හා එතනෝල් මිශ්‍ර තෙල් (එතනෝල් 85% ක් දක්වා) මෙම එන්ජිමට අපහසුවකින් තොරව දහණය කල හැකිය.

ෆෝර්ඩ් සමාගම නිර්මාණය කල AdvanceTrac® electronic stability control ආරක්ශණ තාක්ශණය සෑම ෆෝකස් රථයකම අඩංගුකොට ඇති අතර එමගින් රථය රියදුරු පාලනයෙන් ගිලිහීයාමේ අවදානම අඩුකරයි.

තත්පර 6.5කදී පැ.කි.මී 100ක වේගයක් ලඟාකරගත හැකි මෙහි එන්ජිම අශ්වබල 160ක ජවයක් උපදවන අතර උපරිම වේගය පැ.කි.මි. 255කි.
 
3] VW Golf GTI 2015

1985දී hot-hatch සංකල්පය රථවාහන ලොවට ඉදිරිපත්කලේ වෝක්ස්වගන් ගොල්ෆ් මාදිලියයි. ලීටර් 2ක ධාරිතාවය ඇති, අශ්වබල 217ක ජවයක් උපදවන Direct-injection turbocharged ගොල්ෆ් එන්ජිම පැයට කිලෝමීටර් 100ක වේගයට ලඟාවීමට ගතකරන්නේ තත්පර 5.8කි. Electronic Stability Control (ESC), 4-Wheel Disc Brakes w/4-Wheel ABS, Front Vented Discs, Brake Assist and Hill Hold Control  යන ආරක්ශණ උපක්‍රමවලින් සමන්විත මෙම රථයේ ටයරවල වායුපීඩනය මැන බලා අඩුනම් රියදුරාව දැනුවත් කිරීමේ උපක්‍රමයක්ද අඩංගුය.


4] Peugeot 308 GTI


ඵෙඋගෙඔට් 308 ජී.ටී.අයි රථය අශ්වබල 247ක ජවයක් නිපදවන, තත්පර 6කදී පැයට කිලෝමීටර් 100ක වේගයට ලඟාවිය හැකි බලසම්පන්න එන්ජිමකින් සමන්විතය. ප්‍රංශයේ පියුජට් සමාගමේ motor-sports ඒකකය මගින් නිර්මාණය කොට ඇති මෙය දැනට යුරෝපයේ අලෙවිවන හොඳම හැච්බැක් රථයක් ලෙස නම්දරා ඇත.

 
   




Comments